වාහනයක් ගන්නකොට වින්ඩ්ස්ක්‍රීන් ස්ටිකරය තිඛෙනවාද කියලා බලන්න. ඉංග්‍රීසි අකුරු සහිත වාහන සමග මෙම වින්ඩ්ස්ක්‍රීන් ස්ටිකරය නිකුත් වුණා. අලූත් අංක තහඩුවක් දෙන වෙලාවෙම එම අංක තහඩුවේ ඇතුළතින් මෙම ස්ටිකරය අලවලායි තියෙන්නෙ. එම ස්ටිකරය වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවා තිබිය යුතුයි. මේක වාහනයේ හැඳුනුම්පත වාගෙ කියලා කියන්න පුලූවන්.

මොකටද මේ ස්ටිකර් එක ඕනෑ වෙන්නෙ?

ලියාපදිංචි කළ වාහන පැවරුමකදී ගැණුම්කරුගේ පළාත වෙනස් වෙනකොට අලූත් අංක තහඩුවක් එම පළාතේ සංකේත අකුරු සමග නිකුත් වෙනවා. උදා. බස්නාහිර නම් WP දකුණු පළාතේ නම් SP. මධ්‍යම පළාතේ නම් CP. මෙම අංක තහඩුව ලබා ගන්න යනකොට ඔබඅනිවාර්යයෙන්ම ඔබේ දැනට තිඛෙන අංක තහඩුව සමග මෙම වින්ඩ්ස්ක්‍රීන් ස්ටිකරය මෝටර් ප්‍රවාහනදෙපාර්තමේන්තුවට භාර දෙන්න ඕනෑ. ස්ටිකරය නැතිනම් අලූත් අංක තහඩු ගැනීමට ගැටළුවක් ඇතිවෙනවා.

 

වින්ඩ්ස්ක්‍රීන් ස්ටිකරය නෑනෙ. දැන් මොකද කරන්නේ?

ස්ටිකරය නැතිවූ බවට පොලිස් පැමිණිල්ලක් දමා එහි පිටපතක් සමග අදාල ලේඛණ පුරවා අදාල ගාස්තු ගෙවා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට භාර දීමෙන් මෙම ස්ටිකරය නැවත ලබාගත හැකියි. හැබැයි ඒ සඳහා ඔබ එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වෙන්න ඕනෑ. විවෘත ලියකිලිවිලි මත තිඛෙන වාහනයක් නම් ඔබට එම ස්ටිකරය ලබා ගන්නට බැහැ.

 

වින්ඩ්ස්ක්‍රීන් ස්ටිකරය නැතිවෙන්නේ කොහොමද?

වාහනයක් ගන්නකොට වින්ඩ්ස්ක්‍රීන් ස්ටිකරය නැතිනම් ඔබ වඩාත් විමසිලිමත් වෙන්න ඕනෑ. ඇලවූ ස්ටිකරයක් නැතිවෙන්න විදිහක් නැහැ. බොහෝ වෙලාවට වින්ඩ්ස්ක්‍රීන් එක බිඳී යාමකදී අලූත් වින්ඩ්ස්ක්‍රීන් එකක් දානවා. එතැනදී මෙම ස්ටිකර් එක නැවත අලවා නොතිබීම නිසා එය නැතිවිය හැකියි. එහෙම නම් අපි බලන්න ඕනෑ අලූත් වින්ඩ්ස්ක්‍රීන් එකක් දාන්න තරම් ඇතිවුනු අනතුර මොකක්ද කියලයි. ඒ අනුව වාහනය වඩාත් හොඳින් පරීක‍්ෂා කිරීම වැදගත්. එහිදී අලත් වින්ඩ්ස්ක්‍රීන් එකක් දැමීමට හේතුව කුමක්දැයි යන්නට වාහනයේ හිමිකරු දෙන පිළිතුරෙන්ම සෑහීමකට පත් වෙන්න එපා. ඊට එහා ගිය අනතුරක් සිදුවී දැයි විමසිලිමත් වන්න. එසේම වින්ඩ්ස්ක්‍රීන් ස්ටිකරය නැවත අලවා තිඛෙන වග පෙනෙනවා නම් ඒ ගැනත් කල්පනාකාරී වන්න. වින්ඩ්ස්ක්‍රීනයට යමක් වූ බවට හොඳම ශාක‍්ෂියක් තමයි මේ ස්ටිකරය නැතිවීම හෝ නැවත අලවා තිබීම.

 

මීට කළින් මේ ගැන සිතලා තිබුණද?

මාලඹේ පුංචි කාර් නිවස වාහන උද්‍යානය.

අපි ඔබ සුරකිමු.